24 C
Colombo
Tuesday, October 22, 2024

කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්ත ගොඩනැගිල්ලක් ගැන විමර්ශන

- Advertisement -

පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බව ඉඩම්, කෘෂිකර්ම, පශූ සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන බව අද (21) ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළා.

පසුගිය කාලයේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කුලී පදනම මත ලබාගෙන තිබූ ගොඩනැගිල්ලක තැන්පතු මුදල සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී හෙළිදරව්වක් කර සිටියා.

“කෘෂිකර්ම අමාත්‍යාංශයත් යම් යම් අක්‍රමිකතා දැන් සොයාගන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට පසුගිය කාලයේ ගොඩනැඟිල්ලක් ලබාගෙන තියෙනවා කෝටි 66ක තැන්පතු මුදලක් ලබාදී තිබෙනවා. සාමාන්‍යෙයන් බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. ඒක අරගෙනත් නෑ. දැනට එම බිල්ඩින් එක ඔවුන්ට භාරදීලා තියෙන්නේ. නමුත් තවමත් එම තැන්පතු මුදල ලබාගෙන නැහැ.”

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව ඉදිරි නීතිමය කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා සඳහන් කළා.

එම ගොඩනැගිල්ල ප්‍රවීණ නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් වන අතර එය රාජගිරිය ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.

දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගෙන තිබුණු අතර එම කාලය තුළදීද ඊට දැඩි විරෝධයක් එල්ල වුණා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ මල්වඩම් සිදුවිමේ විඩියෝ දර්ශන උසාවිය ඉල්ලලා

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මගින් මල් වඩම්...

ජල සැපයුම ගැන ප්‍රදේශ කිහිපයකට විශේෂ දැනුම්දීමක්

ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ...

ඇල්පිටියේ ඡන්දේ ගැන කොමිසමෙන් දැනුම්දීමක්

ලබන 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය පැවැත්වීමට නියමිතයි. එබැවින් නිහඩ කාලය තුළ එම බල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසම...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Mr කොත්තුගේ බොරු නඩුවෙන් විමුක්ති නිදහස්

Mr කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර...

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (20) පෙ.ව. 07.00 ට නිකුත් කරන...