29 C
Colombo
Friday, December 27, 2024

චමුදිතට ඇති මරණ තර්ජන ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ පැමිණිල්ලට විමර්ශන ඇරඹේ

- Advertisement -

තමන්ට තර්ජන ඇති බවට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කළ ප්‍රකාශය ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලට අදාලව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව අද (08) මෙම පැමිණිල්ලට අදාලව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත්තේය.

මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කර ඇති බවත්, ඔහු විසින් එය බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිටත්, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීටත් යොමු කර ඇති බවත් පොලිසිය පවසයි.

ඒ අනුව ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක⁣ගේ උපදෙස් පරිදි ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශව අංශයේ ස්ථානාධිපති ධුරය දරන ප්‍රධාන පොලිස් පරීක්ෂක⁣වරයා විසින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයෙකුගෙන් ප්‍රකාශය සටහන් කරගනු ලැබීය.

චමුදිත මහතා තමාට තර්ජන ඇතැයි කළ ප්‍රකාශය සත්‍යයක් නම් එව බරපතල තත්ත්වයක් බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත්, එවැනි තර්ජනයක් ඇත්නම් ඔහුගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් සංගමය ඉල්ලා සිටියේය.

මාධ්‍යවේදියකුට පමණක් නොව ඕනෑම පුරවැසියකුට තර්ජනවක් ඇතැයි තොරතුරක් ලදහොත් පොලිසිය දැනුම්වත් කිරීම යුතුමක් බවද, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පොලිසියේ වගකීමක් බව ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

පෞද්ගලික අංශය හාල් ටොන් 72,000ක් ගෙන්වලා

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි...

කතරගම බැතිමතුන්ට පීඩා කළ පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය පවසනවා. මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි...

POPULAR ARTICLES

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවලා

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ වද එරට පාර්ලිමේන්තුව...

අලුත් වුණ සිම්බාබ්වේ ටෙස්ට් වාර්තාව

සංචාරක ඇෆ්ගනිස්තායට එරෙහිව බුලවායෝහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට අද (27) හැකිවුණා. තරගයේ දෙවන...