28.6 C
Colombo
Thursday, November 14, 2024

කෙහෙළිය​ගේ වාහන ගැ​න අල්ලස් කොමිසමෙන් විමර්ශ​න

- Advertisement -

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ V 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමි වීමෙන් අනතුරුව ඔහුට ලබා දී තිබූ අති නවීන සුඛෝපභෝගී නිල රථ දෙක අව භාවිත කරන බවට සිවිල් පුරවැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

2022 මැයි මස සිට කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන අවධියේ එම අමාත්‍යංශය මගින් අමාත්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට ලබාදී තිබුණු මෝටර් රථ කිහිපය​ක් ඉකුත් ඔක්තෝබර් මස 23 වෙනි දින සිට පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසුව රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එම මෝටර් රථ නැවත බාර දෙන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම් වලට අනුව අමාත්‍යවරයාට නිල ර​ථ ලෙස ලබා දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගය සුපෝඛභෝ​ගී මෝටර් රථ දෙක හැර අනෙක් වාහන බාර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඉකුත් පෙබරවාරි 03 දින සිට අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වුවද එම සුඛෝපභෝගී මෝටර් රථ දෙක ආපසු භාරදී නොතිබුණු බව විමර්ශනවලදී හෙළි වුණා.

ඒ අනුව එම නිල රථ දෙක මෙතෙක් බාර නොගැනීමට හේතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසමින් විමර්ශන කරන අතරතුර හිටපු අමාත්‍ය කෙහෙළිය මහතා​ගේ අමාත්‍යාංශ ලේකම්වරියකගේ මාර්ගයෙන් ඉකුත් මස 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයට භාරදී ඇති බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරියක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ඉකුත් මස 25 වැනි දින ලිඛිතව දන්වා ඇති බවත් අනාවරණය වුණා.

Related:

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්​භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය

2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කෙරෙමින් තිබෙනවා. ඒ අනුව කොළඹ 65%යි, නුවරඑළිය 68%යි, කුරුණෑගල 64%යි, මඩකලපුව 61%, මාතර...

ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES