27.5 C
Colombo
Thursday, October 24, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට විමර්ශන

- Advertisement -

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී. රංගා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරෙමින් පවතින බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (21) දැනුම් දී තිබෙනවා.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, ප්‍රධාන සැකකරු මේ වනවිට සිය නිවසේ නොමැති බවයි.

ඔහු සොයා විමර්ශන සිදුකරන බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින් මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් බව පවසා තිබෙනවා.

සාක්ෂිකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගියහොත් පොලීසියට නඩුවේ කරුණු තහවුරු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බව වන බව ද නීතීඥවරයා කරුණු දක්වමින් අවධාරණය කළ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් අටදෙනා අතරෙන් හතර දෙනකු පමණක් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

සෙසු සැකකරුවන් හතර දෙනා තවදුරටත් නොවැම්බර් මස 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

හරක්කටාගේ නඩුව කැඳවද්දී විනිසුරු තීන්දුවෙන් මාධ්‍යවේදීන් එළියට දාලා

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව...

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...