29 C
Colombo
Sunday, October 27, 2024

මාන්නප්පෙරුමට පක්ෂ 10කින් ආරාධනා?

- Advertisement -

තමන් සමඟ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන ලෙසට මෙවර මහ මැතිවරණ සටනින් ඉවත් වූ හිටපු අමාත්‍ය සහ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට දේශපාලන පක්ෂ 10කින් ඇරයුම් ලැබී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, දේශපාලන පක්ෂවල නායකයන් කිහිප දෙනෙකු පසුගිය දින කිහිපයේදී ඔහුගේ නිවෙසට පැමිණ මෙලෙස ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සඳහන් කර ඇත්තේ, වසර විස්සක කාලයක් දැරූ ගම්පහ ආසන සංවිධායක ධූරය නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු පක්ෂ නායකත්වය තමාව දැනුවත් නොකර ඉවත් කිරීමෙන් තමන් දැඩි ලෙස පීඩනයට පත්ව සිටින බවත්, මෙම ඇරයුම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ඡන්දයට ඉදිරිපත් නොවූවත් ගම්පහ සමඟ ජන ජන බලවේග ලැයිස්තුවේ අංක 10 යටතේ තවමත් සිටින තත්වය යටතේ වෙනත් පක්ෂවලට සම්බන්ධවීම සදාචාරාත්මක නොවන කාරණයක් බව තමාගේ හෘද සාක්ෂිය පවසන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

විභාග දෙපාර්තුමේන්තුවේ හඬ පටිගත කරන යන්ත්‍ර 23ක් අතුරුදන්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙන බව 'ලංකාදීප' වාර්තා...

ව්‍යාජ බෝම්බ බියක් ඇති කළ අයෙක් අත්අඩංගුවට

අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණ සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ බෝම්බ තුනක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර බිය ගැන්වීමක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල්...

පුත්තලමේ සිදුවූ රිය අනතුරකින් 7ක් රෝහලට

පුත්තලම - කොළඹ පාරේ අද (27) දවල් සිදු වූ රිය අනතුරක් හේතුවෙන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රීරෝද රථ දෙකක් මුහුණ මුහුණ වැදීමෙන් මෙම අනතුර...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...