26.7 C
Colombo
Sunday, November 24, 2024

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

- Advertisement -

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වෙනවා.

IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර ක්‍රීඩක වෙන්දේසිය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

2025 IPL ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුව IPL තරග සංවිධායකයින් ඉකුත්දා නිවේදනය කළා.

2025 ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචිව සිටි අතර කෙසේ වෙතත් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයන් 574 දෙනෙක් පමණයි.

ඉන් ක්‍රීඩකයින් 366 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි 208 දෙනා විදෙස් ක්‍රීඩකයින් ව්නවා.

කණ්ඩායම් 10ක් විසින් වෙන්දේසියේදී ක්‍රීඩකයන් 204 දෙනෙකු මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තෝරා ගැනීමට නියමිත අතර ඉන් 70 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 29 දෙනෙකු ලියාපදිංචිව සිටියත් ඉන් වෙන්දේසියට ඇතුළත් කිරීමට තෝරා ගෙන ඇත්තේ ක්‍රීඩකයන් 19 දෙනෙකු පමණයි.

වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණව ඉන්දීයන් රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් සහිත කාණ්ඩයෙන් ඉදිරිපත් කෙරෙනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්

උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම අධිකාරියේ පාරිභෝගික කටයුතු...

නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ...

මත්තල ගුවන්තොටේ වියදම අට ගුණයකින් වැඩිවෙලා

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැවින් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම...

POPULAR ARTICLES