ප්‍රසිද්ධ රැප් ගායක ඉරාජ් වීරරත්න අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඊයේ දිනයේදී තමා සුදත්ත තිලකසිරි මහතා සම්බන්ධයෙන් තමාගේ යූටියුබ් නාලිකාව හරහා සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කැඳවූ බවට තමා සිතන බවයි.