33 C
Colombo
Tuesday, April 8, 2025

හිස නොවසපු තරුණියන්ගේ නර්තනය නිසා ඉරානය ඇවිලෙයි

- Advertisement -

පසුගිය අඟහරුවාදා දින ඉරාන තරුණ තරුණියන් පස් දෙනෙකු හිස් වැසුම් නොමැතිව නටන ආකාරය වීඩියෝගත කළ වීඩියෝ පටයක් නිසා, එරට සමාජය අතර දැඩි මතගැටුමක් නිර්මාණය වි තිබෙනවා.

මෙනිසා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සමාජ ක්‍රියාකාරීන් සඳහන් කරන්නේ අදාල කාන්තාවන් රඳවා තබාගෙන ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන වීඩියෝවක් කිරීමට පරිපාලකයින් බල කර ඇති බවයි.

නයිජීරියානු Afrobeats ගායිකාවක් සහ රැප් ගායකයෙක් වන Rema විසින් ගායනා කරන ලද Calm Down ගීතයට ඉරානයේ ටෙහෙරාන් හි නේවාසික උස් ගොඩනැගිල්ලක් ඉදිරිපිට හිස් ආවරණ නොමැතිව මෙම තරුණියන් නර්තනය ඉදිරිපත් කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

පසුගිය සතියේ මාර්තු 8 වන දින ජාත්‍යන්තර කාන්තා දිනයේ දී මෙම වීඩියෝ පටය TikTok සහ අනෙකුත් සමාජ මාධ්‍ය නාලිකාවල දැඩිව සංසරණය වි තිබුණා.

අදාල ප්‍රදේශයේ ප්‍රදේශවාසින් මෙම වීඩියෝ පටය අනුව පසුතලය හදුනාගෙන එය බලදාරීන්ට දැනුම්දිමෙන් පසු පොලිසිය තරුණියන් පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් ද ප්‍රශ්න කර තිබෙන බව සඳහන්.

ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවන්ට ප්‍රසිද්ධියේ නර්තනයේ යෙදීම තහනම් අතර, හිස් ආවරණ නොපලදා සිටීම ද දඩුවම් ලැබිය හැකි වරදක්.

තත්වය එසේ පැවතියත්, ගීතය ගායනා කරනු ලබන ගායිකාව වන රෙමා “වඩාත් යහපත් ලොවක් වෙනුවෙන් සටන් වදින සුන්දර කාන්තාවන් සියල්ල වෙනුවෙන්. ඔබලා වෙනුවෙන් ගයනවා..” යනුවෙන් ට්විටර් සටහනක්ද දක්වා තිබෙන අතර ලොව පුරා නිදහස් මතධාරීන් රැසක් මෙම වීඩියෝව සම්බන්ධව ඉහල ප්‍රතිචාර දක්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්

මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ  පනත මගින් හැකියාව ලැබෙන...

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. රජය පවසන්නේ, වරලත් ජනමාධ්‍ය වෘත්තීයවේදීන් බිහි කිරීමේ සහ මෙරට...

අදානි කොළඹ වරායේ මෙහෙයුම් අරඔයි

ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගිතා සමාගම වන අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම (APSEZ), කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් ආරම්භ...

POPULAR ARTICLES