31 C
Colombo
Tuesday, October 15, 2024

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

- Advertisement -

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත්තේ, ශානි අබේසේකර මහතා කවර හෝ නිලයකට පත්කළ යුතුව තිබුනේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන්ව පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පැවැත්වීමට යෝජිත 2024 නොවැම්බර් මස 21 වැනි දිනෙන් පසුව බවයි.

අදාළ තනතුර සම්බන්ධයෙන් ඔහුගේ දැනුම හා පරිචය සම්බන්ධයෙන් ගැටලුවක් නොවන නමුත් ඔහුගෙ පත්කිරීම සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශ කොට ඇති කාල වකවානුවකදීය යන කාරණය අමතක නොකළ යුතු බව මංජුල ගජනායක මහතා තවදුරටත් අවධාරණය කරනවා.

ජනාධිපතිවරණයට පෙර ජාතික ජනබලවේගයට සහය පළ කරමින් දැඩි දේශපාලන ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන ලද ලද රාජ්‍ය නිවේදිත නිලධරයෙක්, තවත් තීරණාත්මක මැතිවරණ ප්‍රචාරක කාල සීමාවක් තුළ පොලිස් ඒකකයක අධ්‍යක්ෂ ධූරයක් සඳහා පත්කිරීම අතිශය විවාදාත්මක මෙන්ම ප්‍රශ්නගත තීරණයක් බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය තවදුරටත් පෙන්වා දෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර ව වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත පසුගිය ඔක්තොම්බර් 10 වන දින අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ඩයනාට එරෙහි නඩු හතක සාක්ෂිකරුවන්ට නොතීසි

හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවරන ලද නඩු හතක සාක්ෂි විභාගය ලබන 24 වැනි දින පවත්වන ලෙස කොළඹ ප්‍රධාන...

පාසල් විවෘත කිරීම ගැන නිවේදනයක්

ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව...

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් කිරීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

පසුගිය සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...