ජනාධිපතිගේ ගමනාන්තය අඟහරු ලෝකය දැයි විමසිය යුතු බව සමඟි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජුබුර් රහුමාන් පවසනවා.
ඉල්ලා අස්වීමේ ලියුම එවන්නට නම් ගමනාන්තයට යා යුතු යැයි කියමින් ජනාධිපති කල් මරන්නේ කුමකටදැයි නොදන්නා බව කී මුජුබුර් රහුමාන් දැන් ලෝකයේ එහා කොනට යන්නටත් කාලය හොඳටම ප්රමාණවත් බව ද පැවසීය.
ශ්රී ලාංකිකයන් සිටින කිසිම රටකට ජනාධිපතිවරයාට යන්නට නොහැකි වී ඇති බවත් අස්වීමේ ලියුම එවන්නට මෙතරම් කල් මරන්නේ ජනාධිපති මන්දාකිණියේ වෙනත් ග්රහ ලෝකයක් හොයන නිසාවත් දැයි සාධාරණ සැකයක් ඇති වන බවද මුජිබුර් රහුමාන් පවසනවා.