තමන්ට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමණ සම්බන්ධයෙන් අරමුණු රැසක් පවතින බව සති දෙකක පමණ ඉන්දීය සංචාරයකින් අනතුරුව නැවතත් යළි ශ්‍රී ලංකාවට පා තැබිමෙන් පසුව යොහානි දිලෝකා ද සිල්වා මාධ්‍ය වෙත පවසනවා.
නවදිල්ලි , හයිද්‍රාබාද් සහ මුම්බායි යන නගර වල පැවති සංගීත ප්‍රසංග වලදී එම ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි වූ බවත් ඔවුන් සිංහල බසට ඇලුම් කළ බවත් ඇය අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පවසා සිටියා.
තමන්ගේ ඊළඟ බලාපොරොත්තුව සිංහල ගීත 12ක් ඇතුළත් ගීත ඇල්බමයක් ඉදිරිපත් කිරීම බවත් දැනට එහි වැඩ කටයුතු අවසන් වෙමින් ඇති බවත් ඇය පවසනවා.
කෙසේ නමුත්, දේශපාලනයට අවතීර්ණ වීමට තමාට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවයි ඇය අවධාරණය කර සිටින්නේ.