29 C
Colombo
Monday, April 7, 2025

අලි නිදහස් කිරීමට විරෝධය පා ඉෂිනි වික්‍රමසිංහ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

- Advertisement -

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසන්නේ පෞද්ගලික හේතුවක් මත ඇය ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය භාරදුන් බවයි.

පසුගියදා නඩු තීන්දුවක් මගින් දැනට රජය විසින් රඳවාගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය විරෝධය පලකර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

අධිකරණ තීන්දුව අනුව අලි ඇතුන් යළි මුල් අයිතිකරුවන්ටම ලබාදුනහොත් එම අලි ඇතුන් නීතිවිරෝධීව අල්ලාගත් ජාවාරම්කරුවන්ටම ආපසු ලබා දීමට නියමිත බවට පරිසරවේදීන්ද මීට පෙර පෙන්වා දී තිබුණා.

ඇය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිහමල් සොහොයුරු හා වන TNL නාලිකාවේ හිමිකරුවන ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියද වනවා.

ඇය මෙම තනතුරට පත්වීමට පෙර TNL නාළිකාවේ විධායක අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළා.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදි ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාපක්ෂ මහතාට සහය පලකරමින් කටයුතු කළා.

වරෙක ඇය පවසා තිබුණේ ගෝඨාභය රාපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු වුවද ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

මෙරට විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව...

POPULAR ARTICLES