දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (7) දිනයේ ද විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.
විදුලි බලාගාරවල පද්ධති බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ අපහසුතා නිසා මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ.
ඊයේ (06) රාත්‍රියේ ද කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිද වැටුණා.
මීට පෙරද දිවයින පුරා වරින් වර විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළ අතර ඔවුන් පසුගිය දෙසැම්බර් 10 වනදා නිවේදනය කළේ යළිත් විදුලිය කප්පාදු කිරීමට කටයුතු නොකරන බවයි.