ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය, ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා.
සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස්ව තිබුණා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ අවසන් එකඟතාවයෙන් පසුව ඉරිදා දිනය වන විට පළමු ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදා හැරීමට හැකි වනු ඇති බවයි.
මේ වන විටත් ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර සටන් විරාම ගිවිසුම ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා පලස්තීන ජාතිකයින් 113 දෙනෙකු මිය ගොස් ඇති බව ගාසාහි සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසනවා.