ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් එළඹෙන අප්‍රේල් 2 දින ඉන්දියාවේ සංචාරයක් ඇරඹීමට නියමිත බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
ඉන්දීය අගමැති මෝදිගේ ආරාධනයෙන් සිය පළමු ඉන්දීය නිල සංචාරය සිදු කිරීමට ලැබීම පිළිබද සතුටුවන බවත් දෙරට අතර සබඳතා වර්ධනය කිරීම සඳහා ඉදිරියට ද නායකත්වය දෙන බවත් ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් පවසයි.
සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර උපායමාර්ගික කටයුතු ඉදිරියට ගෙනයාම, ශක්තිමත් කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමයි.
ආර්ථික, පර්යේෂණ සහ සංවර්ධන, කෘෂිකර්මාන්තය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.
ඊශ්‍රායල අගමැතිවරයා, අගමැති මෝදි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම එරට සිටින යුදෙව් ප්‍රජාව ද හමුවීමට නියමිතයි.