25 C
Colombo
Wednesday, April 23, 2025

ඊශ්‍රායලයේ නොනවතින අරගලය 10වන සතියටත්

- Advertisement -

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව විසින් ගෙන එන අධිකරණ ප්‍රතිසංස්කරණ වලට සති 10 තිස්සේ පවතින දැඩි විරෝධතාවය හේතුවෙන් එම ප්‍රතිසංස්කරණ නවතා දමන ලෙස ආරක්ෂක ඇමති Yoav Gallantනෙතන්යාහුගේ ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

මෙහිදී අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තමා මේ වෙනුවෙන් සහය නොදක්වන බවයි.

පසුගිය ජනවාරි මාසයේදී බෙන්ජමින් නෙතන්යාහු විසින් යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණයක් ගෙන ආ අතර එමඟින් විනිශ්චයකාරවරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පවතින රජයට බලපෑම් කිරීමට ඇති හැකියාව හා විධායකයට එරෙහිව තීන්දු කිරීමට හෝ නීති සම්පාදනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති හැකියාව සීමා කරනු ඇති බවත්, එමඟන් ඒකාධිපතිත්වය හිස ඔසවන බවට චෝදනා කරමින් මහජන විරෝධතාවයන් ආරම්භ වුණා.

ඊයේ(25)දිනයේදී ටෙල් අවිව්හි දස දහස් ගණනක් විරෝධතාකරුවන් අධිකරණ ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව පෙළ ගැසුන අතර ප්‍රාදේශීය මාධ්‍ය ඇස්තමේන්තු කළේ 200,000ක ජනතාවක් පෙළපාලිය සඳහා පැමිණ සිටි බවයි.

මෑත සතිවල දී, ප්‍රතිසංස්කරණය පිළිබඳ අතෘප්තිය ඊශ්‍රායල හමුදාව තුළ පවා ඉහළ ගොස් ඇති අතර අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ, මිලිටරි සංචිත රාජකාරි සඳහා කැඳවීම්වලට අවනත නොවන බවට ප්‍රතිඥා දී ඇති බවත් බොහෝ දෙනා ස්වෙච්ඡා සේවයෙන් ඉවත්ව ඇති බවත්ය.

සෑම පැත්තකින්ම, කෝපය, වේදනාව සහ බලාපොරොත්තු සුන්වීම වැනි හැඟීම් මා මින් පෙර කිසිදා නොදුටු තීව්‍රතාවයකින් පැන නැගී ඇති බව ප්‍රකාශ කළ අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, දිගින් දිගටම වාරෝධතාවයන් ඉදිරියට යාම ජාතික ආරක්ෂාවට, ආර්ථික වර්ධනයට හා සහයෝගීතාවයට බරපතල තර්ජනයක් වන බවයි.

RECENT ARTICLES - SINHALA

බෝට්ටුවෙන් කොටුවට

මෙරට මුහුදු තීරයේ මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිතා කරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි...

එකෙන් පස්සේ වහිනවා

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,...

මාතර බන්ධනාගාරයේ තත්වය පාලනය කරලා

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසනවා. එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසුවා. එය පාලනය කිරීම...

POPULAR ARTICLES

බෝට්ටුවෙන් කොටුවට

මෙරට මුහුදු තීරයේ මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිතා කරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි...

එකෙන් පස්සේ වහිනවා

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,...

ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය තහවුරු කරනවා. ඊයේ  (22)  රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය...