එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වත්මන් රජයේ අග්‍රාමාත්‍ය ධූරය ලබාදීම සඳහා ආණ්ඩුවේ කිසිදු පුද්ගලයෙකු හට මොළයේ අමාරුවක් නොමැති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ඒ ඊයේ (28) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.
එමෙන්ම ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ආණ්ඩුව තුළ කිසිදු අදහසක් නොමැති බවද අමාත්‍යවරයා සදහන් කරනවා.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ මේ මොහොත වන විට රටේ අග්‍රාමාත්‍යවරයා ඇත්තේ ඊට වඩාත්ම සුදුසු පුද්ගලයා බවයි.
එවන් අයෙක් අග්‍රාමාත්‍ය ධූරයේ සිටියදී වෙනත් පුද්ගලයින් අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.
ඊට අදාළ දර්ශන පහතින්,