32 C
Colombo
Sunday, November 17, 2024

බන්දුලගේ අමුතු සතොස නීතියත් රිවර්ස්

- Advertisement -

දිවයින පුරා ඇති සතොස ශාඛා තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදී ගැනීම අනිවාර්ය කර තිබූ නියෝගය අහෝසි කර තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම ඉවත් කිරීම සිදුකර ඇති බවය.

සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා මෙම කොන්දේසි පනවා තිබුණි.

පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ 5 මිලදී ගැනීම අනිවාර්ය කර ඇති බවයි.

කෙසේ වෙතත් එලෙස අනිවාර්ය කර තිබීම නීතිවිරෝධී බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා මීට පෙර වෙන්වා දුන්නා.

ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසා සිටියේ මෙවැනි නීති විරෝධී ආකාරයට කටයුතු කරන ආයතන පිළිබදව පාරිභෝගික ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළ හැකි බවයි.

“විශේෂයෙන් රාජ්‍ය ආයතනයකට ගියාම කියනවා නම් තමන්ට අවශ්‍ය භාණ්ඩය මිලදී ගන්න වෙන්නේ වෙනත් භාණ්ඩ කිහිපයක් මිලදී ගත්තාම පමණයි කියලා ඒක නීතියට පටහැනියි. පාරිභෝගික ආරක්ෂණ පනතේ 11 වන වගන්තියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, කොන්දේසිවලට යටත්ව තමයි ලබාදෙන්නේ කියන එක කියන්න බෑ කියලා. එවැනි තත්ත්වයක් තිබෙනවා නම් පාරිභෝගිකයා කළයුතු වන්නේ පාරිභෝගික ආරක්ෂක අධිකාරියට දැනුම්දෙන එක.”


RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES