පසුගිය ජනවාරි මාසයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළ මහනුවර සහස් උයන මේ දක්වා ජනතාවට පරිහරණය කිරීමට අවස්ථාව හිමිවී නොමැති බව News19 මහනුවර වාර්තාකරුවන් සදහන් කරනවා.
එමෙන්ම සහස් උයනට සමගාමීව මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුකම් වෙනුවෙන් ඉඳිකෙරුණු ටොම්ලින් උද්‍යානයද අගමැතිවරයා අතින් විවෘත කෙරුණද එයත් මේ වන තෙක් භාවිතා කිරීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමිව නැහැ.
සහස් උයන විවෘත කළද එහි කඩ සාප්පු හා සනීපාරක්ෂක පහසුකම් ටෙන්ඩර් කිරීමට ඒ වන තෙක් කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ටොම්ලින් උද්‍යානය මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහනුවර මහ නගර සභාව වෙත නිළ වශයෙන් භාර දී නොමැති බවද වාර්තා වනවා.
කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවතේ ඉදිකෙරුණු නෙළුම් කුළුණද මේ ආකාරයෙන්ම විවෘත කර වසර ගණනාවක් ගත වුවද කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසර ගණනාවක් නිස්කාරණයේ මහජන මුදල් නාස්ති කරන තවත් ස්ථානයකි.
නෙළුම් කුළුන ඉදිකිරීම දැවැන්ත සංවර්ධන කටයුත්තක් ලෙසට එවක රජය පෙන්වා සිටියද මේ වන විට කිසිදු ආදායමක් නොලබන සුදු අලියෙක් ලෙසට එය මහජන මුදල් නාස්ති කරමින් පවතිනවා.