අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව අධ්‍යාපන විශේෂඥයින් පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රථම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ගුරුවරුන් සහ සිසුන් යන දෙපාර්ශවයම දැඩි අපහසුතාවකට පත්වන බවයි.
පාසල්වල දැනටමත් උසස් පෙළ සිසුන් කණ්ඩායම් දෙකක් සිටින අතර තවත් ශිෂ්‍ය කණ්ඩායමක් ඇතුළත් කර ගැනීමට ඉඩකඩ ප්‍රමාණවත් ද යන්නත් ඔවුන්ට ගැන්වීම් කටයුතු කිරීම සඳහා ගුරුවරුන් යොදා ගන්නේ කෙසේද පිළිබඳවත් ප්‍රායෝගික ගැටලු පවතින බව ද ඔවුන් අවධාරණය කරනවා.
අධ්‍යාපන විශේෂඥයින් පවසන්නේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර තමන් කැමැති උසස් පෙළ විෂය ධාරාවක් තෝරා ගැනීමට යාමෙන් සිසුන්ද අපහසුතාවට පත්වන බවයි.
මේ පිළිබඳව කළ විමසුමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසා ඇත්තේ ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දීමට අධ්‍යාපන බලධාරීන් සමත් වන්නේ නම් මෙම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීම පිළිබඳ ගැටලුවක් නොමැති බවයි.
උසස් පෙළ පන්ති නොපවතින පාසල්වල සිසුන්ට අනුයුක්ත පාසල් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළත් එහිදී ද ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් වෙනත් පාසල්වලට ඇතුළත් කර ගැනීමට මැලිකමක් දක්වනු ඇති බවද ඔහු සඳහන් කළා.
එහිදී ගැටලු රාශියක් ඇතිවිය හැකි බව ද ස්ටාර්ලින් මහතා පවසා තිබෙනවා.