හමුදාවේ පහළ මට්ටමේ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ, ඊයේ (03) දින ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි.
නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද මෙසේ පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යොදවා ඇති බවත් දිසානායක මහතා පවසනවා.
මෙය ඉතාමත් වැරදි සහගත ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුව ඇති බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
තමාට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවත් ඔහු සඳහන් කර සිටිනවා.
මෙලෙස අනුරාධපුරයේ ‘ඥාන අක්කා’ට අයත් හෝටලයක් හැදීමට ද හමුදා සාමාජිකයන් යොදවා ඇති බවත් හමුදා සාමාජිකයන් සාත්තර මන්තර ජප කරන යෙකු ළඟට මෙලෙස යැවීමටහැකිදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන ආකාරය මින් හොඳින් පෙන්නුම් කෙරෙන බවත් ප්‍රකාශ කරන ලදි.
හමුදා පහළ සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වහාම නතර කළ යුතු බවත් රට වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇති හමුදා සාමාජිකයන්ට ගෞරවය ලබා දිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටිනවා.