පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට පෞද්ගලික ගැටලුවක් ඇති බව තමන්ට පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මිට පෙරද නීති ක්ෂේත්‍රයේ සිටි අය පිළිබඳව ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්න තිබූ බවත් එලෙස පොලිස්පතිවරයා සම්බන්ධයෙනුත් ගැටලුවක් ඇතිනම් ඒ පිළිබඳව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බවත් අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළා.
රාජපක්ෂ ඉතිහාසය තුළත් යම් නිලධාරින් සම්බන්ධයෙන් ගත් දේශපාලන තීන්දු වැරදි බවත් එම වැරදිවල ඵල විපාක පක්ෂයක් ලෙස අදටත් විඳින බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
එහිදී “ඔබේ ආණ්ඩුව යටතේ රටේ අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් කටයුතු කරමින් හිටිය ඇයට අවස්ථාව දුන්නේ නැහැ නේද” යනුවෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා.
ඊට කණස්සල්ල පළ කරමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, රාජපක්ෂ ආණ්ඩු සමයේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයකින් ඉවත් කිරිමට ගත් තීන්දුවද වැරදි තීරණයක් බවත් එවැනි ආකාරයෙන් රාජපක්ෂ ආණ්ඩුව කළ පෙර වැරදිම වත්මන් ආණ්ඩුවද සිදු නොකළ යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ;
“පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන බවට පේනවා.ඒ වගේම තමයි මීට පෙරත් නීතී ක්ෂේත්‍රයේ ඉන්න අය පිළිබදවත් ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්න තිබ්බා. ඒ අය ගැනත් නොයෙක් කටකතා තිබ්බා. ආණ්ඩුවට පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවනම් ඒකට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න පුළුවන්. එක පැත්තකින් ඔහු සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් යනවා. නඩුවේ වැරදිකාරයා බවට පත් වුණොත් කොහොමත් ජනාධිපතිවරයාට පොලිස්පතිවරයාව ඉවත් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ආණ්ඩුව හිතනවනම් ඊට කලින් පාර්ලිමේන්තුවෙන් මේක කරන්න ඕනෙ, තියෙන ප්‍රමාණවත් කරුණු මත ආණ්ඩුවට විශ්වාසයක් නැත්නම් ආන්ඩුවේ 159ක් ඉන්නවා.මම හිතන්නේ කථානායකවරයාට පුළුවන් ඒ පිළිබඳව ඡන්දයක් විමසලා කමිටුවක් පත් කරලා ඒ පොලිස්පතිවරයාටත් අදහස් කරුණු දක්වන්න අවස්ථාව දීලා සාධාරණ වාර්තාවක් මත පාර්ලිමේන්තුවේ විවාදයක් කරලා තීන්දුවක් ගන්න.
අපි අදටත් විශ්වාස කරනවා, අපෙ ඉතිහාසයේ යම් නිලධාරින් සම්බන්ධයෙන් ගත්ත දේශපාලන තීන්දු වැරදි. ඒ වැරදිවල ඵල විපාක අපි පක්ෂයක් විදිහට අදටත් විඳිනවා. ඒ හින්දා ඉදිරි කාලසීමාව තුළ නිලධාරියෙක් ඉලක්ක කරගෙන දේශපාලන තීන්දුවක් ගන්න පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරනවනම් ඒකට අපි පෞද්ගලිකවත්, පක්ෂවත් අපි එකඟ වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුවෙත් අග්‍රවිනිශ්යකාරිය සම්බන්ධයෙන් ගත්ත තීන්දුව නොවුනනම් කියන මතයෙන් මම ඉන්නේ. ඒක තමයි මම කියන්නේ අපි කරපු වැරදි මේ අය නොකර ඉන්න ඕනේ.ඒ වැරැද්ද ඒ විදිහටම කරනවනම් ඒක හරි නෑ”