තමා අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර සිටිනවා.
ඒ ගුවන් විදුලි නාලිකාවක් සමඟ අදහස් දක්වමින්.
“ඒක සම්පූර්ණ බොරුවක්, මම රෝගියෙක් බලන්න ඉස්පිරිතාලෙකටවත් ගියේ නෑ, මම හොඳටම ශක්තිමත්, අදටත් මේ තරුණයන් සමඟ දුවන්න පුළුවන්” යැයි අගමැතිවරයා පවසනවා.
නව අගමැතිවරයකු යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ඉල්ලීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරන්නේ විවිධ ප්‍රතිපත්තිමය හේතූන් මත එය ක්‍රියාත්මක නොවන බව පවසමින්.
“කාටවත් වෙනත් අගමැතිවරයෙකු සමඟ හෝ රනිල් වික්‍රමසිංහ සමඟ හෝ වැඩ කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ, සර්ව පාක්ෂික රජයක් තිබුණොත් එය මගේ අගමැතිකම යටතේ මගේ නායකත්වය යටතේ සිදුවෙයි,” ඔහු පැවසීය.