26.9 C
Colombo
Friday, March 14, 2025

පාස්කු සල්ලි වලට මොකද වුණේ කියලා කාදිනල් හිමි ඉදිරිපත් කලා නම් හොඳ​යි – මෛ​ත්‍රී

- Advertisement -

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් උන්වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූ සෑම පුද්ගලයෙකුටම තමා විසින් වන්දි ලබාදීමට පියවර ගත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා,

“මම ගිනස් පොතට ගිහින් තියෙන්නේ නඩු 400 ගණනක් තිබෙන නිසා. කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ණඩු 400 ගාණක් දැම්මා. මැරිච්ච අයට එක නඩුවයි අතපය කැඩිච්ච අයට එක නඩුවයි… වන්දි ගෙවන්න කියලා. නමුත් මම ජනාධිපතිවරයා කාළේ ඒ හැම කෙනෙකුටම පැහැදිලිවම මම වන්දි ගෙව්වා.”

කතෝලික සංවිධාන, ලෝකයේ රටවල්වලින්, විවිධ සංවිධානවලින්, ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ආදී නොයෙකුත් අය කාදිනල් හිමිට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සල්ලි දුන්නා. ඒ අය දුන්න සල්ලිවලට මොකද වුණේ කියලා කරුණාකරලා කාදිනල් හිමි ඉදිරිපත් කරනවා නම් හොඳයි… නාමලේඛනයක්. මෙන්න මට ලැබුණු සල්​ලි… මෙන්​න මම දුන්නා කියලා. ඒ සත පහක් වින්දිතයින්ට දුන්නේ නෑ. මම ආණ්ඩුවෙන් සල්ලි ගෙවලත් ජනාධිපති කාළේ මට නඩු දාලා තියෙනවා මට වන්දි ගෙන්නයි කියලා.”

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...