ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ජන හමුවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා,
“තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කතා කරලා තීන්දුවක් ගනී. එය වැඩි නොවුනා නම් හොඳයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් රටේ තියෙන තත්ත්වයත් එක්ක වැඩි කළයුතුයි කියලා ඒ අදාළ නිලධාරීන් තීන්දු කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී තීන්දුවක් ගනියි.”
මේ අතර වැඩි වූ ඉන්ධන මිල යළි පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ මොහොතේ ඉන්ධන මිල වැඩිවීම ජනතාවට දරාගත නොහැකි බවයි.
සබැඳි ලිපි..