25 C
Colombo
Monday, July 8, 2024

ඒක කවුරු හරි ආසාවට දාපු පෙත්සමක් – සුසිල්

- Advertisement -

ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලමින් දැමූ පෙත්සම කිසියම් පුද්ගලයෙක් විසින් ආසාවට දැමූ පෙත්සමක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමජයන්ත මහතා,

“ඔය සම්බන්ධයෙන් මීට පෙර තීන්දු දෙකක දීලා තියෙනවා. කවුරුහරි කෙනෙක් ආසාවට දාපු පෙත්සමක් ඕක. නමුත් මම දන්න විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයි ඊළඟට ජනාධිපතිවරණ නීතියයි එක්ක ගන්නකොට ඒ නියමිත කාලයේදී මැතිවරණ කොමිසම පියවර ගනී.

රජය සම්පූර්ණ සූදානමකින් තමයි මැතිවරණයට කටයුතු කරන්නේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා නාම යෝජනා කැදෙවුවට පස්සේ ජනාධිපතිවරයාට සහය දීම ගැන තීරණය කරනවා.

පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා තෝරන්න අපිව කැඳවන්නේ නෑ. අපෙන් අදහස් ගන්නේ නැහැ. ගෝඪාභය මහත්තයව ගෙදර යවන්න වැඩකරපු කට්ටියම තමයි වැඩිදෙනෙක් අද විපක්ෂයට ගිහින් අනිත් අයට උපදෙස් දෙන්නේ.

පොදු ජන පෙරමුණ ඉදිරි මැතිවරණ ව්‍යාපාර තුළ සංවිධානය වන ආකාරයට බලමු උමන අපේක්ෂකයටද සහය දෙන්නේ කියලා. ඒ තත්ත්වේ උඩ අපි තීන්දු කරනවා එදාට මොකක්ද කරන්නේ කියලා.”


RECENT ARTICLES - SINHALA

ජනපතිගේ ධුර කාලය සම්බන්ධ පෙත්සම සලකාබැලීම අද

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු පෙත්සම සලකා බැලීම අද (08) දිනයේ දී සිදුකිරීමට නියමිතයි. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම...

CID එක මට ඉන්න දෙන්නෙම නෑ – පියුමි

මත්ද්‍රව්‍ය සිද්ධියකට තමාව පටලැවීමට ක්‍රියා කිරීම කිසියම් හෝ කෙනෙක් විසින් සිදු කරනු ලබන ගේම් එකක් බවත්, එම පව්කාර වැඩේට සාප ඉල්ලන බවත් ප්‍රකට නිරූපණ...

ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ රාජකාරිවලින් ඉවත් වෙලා

ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය...

POPULAR ARTICLES

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...

හිරුණිකාට විශේෂ සැලැකිලි නැහැ

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා ඔහු සඳහන්...