26 C
Colombo
Monday, January 20, 2025

මගේ හිතේ ඉන්න කෙනා දැන්ම කියන්නෑ – මහින්ද

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි මේ වන තෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (23) පොදු ජන පෙරමුණේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

සිය පක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ ජයගත හැකි අපේක්ෂකයෙකු බවත් පොහොට්ටුවේ ජයග්‍රහණය ඉහළම මට්ටමක ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

ධම්මික පෙරේරාගේ සහ රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් විමසූ විට “එක එක්කෙනාගෙ නම් තියෙනවා. ධම්මික පෙරේරා, අර පෙරේරා, මේ පෙරේරා, ඔක්කොම ඉන්නවා.” යැයි පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන්ගේ සිතේ සිටින අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ අවස්ථාවේ හෙළි කළ නොහැකි බව ද පැවසීය.

එමෙන්ම සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විමසූ විට ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් විමසිය යුත්තේ නාමල් රාජපක්ෂගෙන්ම වන බවයි. එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තවත් කල් ඇති බවත් ඔහු පවසා සිටියා.

මේ අතරතුර, මාධ්‍යය සමඟ අදහස් දක්වමින් පා.ම. නාමල් රාජපක්ෂ පවසා සිටියේ සිය පක්ෂය තුල මත කිහිපයක් තිබුනත් පාක්ෂිකයා සහ රටේ අනාගතය වෙනුවෙන් සුදුසු තීරණයක් ගනු ඇති බවයි.

” ඔය මතේ ඉන්නවා නම් මම එපැයි ඉස්සල්ලම ඉන්න. මොකද මාවනේ වඩාගෙන පාලමෙන් එහා පැත්තට යන්න හදන්නේ. එහෙනම් මම එපැයි වඩා ගත්තු මනුස්සයට මාව තවදුරටත් වඩාගෙන යන්නෙයි කියලා කියන්න නේ ද?. මට පීනන්නත් පුළුවන්, දුවන්නත් පුළුවන්, කැමති කට්ටිය ඉන්නවා නම් මාව වඩාගෙන යන්න, වඩාගෙන යන්නත් පුලුවන්. අපි පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නෑ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙනයි තීන්දු ගන්නේ. මම පක්ෂෙ ජාතික සංවිධායකනේ. මගේ ඩියුටි එක සූට් එක මහන එක. ඊටපස්සෙ ඕන කෙනෙක්ට ඒක ඇඳගන්න පුළුවන්. ගොඩක් පක්ෂ විනාශ උනේ සූට් එක මහන්න දුන්න අය ඒක ඇඳගන්න ගිහිල්ලා.”

එමෙන්ම මැතිවරණය කල් දැමීමට තමන් විරුද්ධ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මීට පෙර සිදුකළ නමුත් දැන් එසේ උත්සහ නොකරනු ඇති බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගිනි අරන්

බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. අද (20) සවස එම සිදුවීම වාර්තා වී තිබුණේ එඬේරමුල්ල දුම්රිය...

පිරමීඩාකාර ආයතන 21ක් ප්‍රසිද්ධ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය...

හරිනිගේ චීන අලුත් අවුරුදු සැමරුම

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ...

POPULAR ARTICLES