හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කාලයක පටන් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි වාර්තා වන්නේ.
අභාවප්‍රාප්ත වන විට 96 හැවිරිදි වියේ පසුවූ ඔහු හිටපු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ද වනවා.
ජනමාධ්‍ය ඇතුලු විවිධ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙසද සහභාගී වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම ජනප්‍රසාදය දිනාගත් අයෙක්.
එම වැඩසටහන් ඔස්සේ සමාජය දැනුමෙන් පෝෂණය කිරීමට වෙහෙස වූ අය අතර මොහු ඉදිරියෙන් සිටියා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට පිවිසි ජේ. ආර්. පී. සූරියප්පෙරුම1928 ජුනි මස 08 වැනි දින උපත ලබා තිබෙන බවද පැවසෙනවා.