උතුරු නැගෙනහිර පළාත් වල අද(11)පැවැත්වෙන හර්තාලයට එම දෙපළාතේ මුස්ලිම් වැසියන්ගේ ද සහයෝගය ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඉල්ලා සිටී.
ශ්‍රි ලංකා මුස්ලීම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා නිවේදනයක් නිකුත් කරමින් එම ඉල්ලීම කර ඇති අතර කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමේ ආණ්ඩුවේ තීරණයට විරෝධය දැක්වීමට ද එය අවස්ථාවක් යැයි එහි සඳහන් වේ.
එසේම වර්මානයේදි මෙරට සුළු ජන කොටස් පීඩිත ජනතාවක් බවට පත්ව ඇතැයි චෝදනා කරමින් නිවේදනයක් නිකුත් කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ අවම වශයෙන් තමන්ගේ මිය ගිය ඥාතීන් සිහිපත්කිරීමේ අයිතිය අහිමි කළ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදි විරෝධතාවයන් මගින් විරෝධය පළ කළ යුතු බවයි.
මෙරට මුස්ලීම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීමේ තීරණයට දෙමළ නායකයින්ද සිය විරෝධය පළකරමින් සහයෝගය ලබාදෙමින් සිටින බව මුස්ලිම් ජනයා අමතක නොකළ යුතු යැයි ද සුළු සුළු ගැටුම් අමතකකොට අප මේ අවස්ථාවේ එකමුතුව මේ මර්දනයන්ට එරෙහිව විරෝධය දැක්විය යුතු යැයි ද බදියුදීන් මහතා වැඩිදුරටත් පවසයි.