යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාකරය බැකෝ යන්ත්‍ර යොදා කඩා දැමීමේ සිදුවීමක් හේතුවෙන් ඊයේ (08) රාත්‍රියේ පටන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අදාල සිදුවීමට විරෝධය පා විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ පටන් විරෝධතාවයේ නිරත වුණා.
ඔවුන් අදත් යාපන විශ්වවිද්යාදලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවන බව News 19 යාපනය වාර්තාකරු පැවසුවා.
අදාල ස්මාරකය යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින් ඉදිකර තිබුණා.
වැඩිදුර කියවන්න