30 C
Colombo
Saturday, September 14, 2024

හිරුණිකාට තවත් කණේ පහරක්. පොහොට්ටුවේ ජගත් කුමාර සජිත්ට

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

ඔහු පසුගිය මැතිවරණයෙන් කඩුවෙල ආසනයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණා.

දිළිඳුකම පිටුදැකීම හා සමෘද්ධි ව්‍යාපාරයට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණ ප්‍රධානියා ලෙස ඔහුව පත්කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.

ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මන්ත්‍රීවරයා, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයාද වෙනවා.

කෙසේවෙතත් ජගත් කුමාරගේ සමගි ජනබලවේග ආගමනයත් සමඟ ගැටළු රැසක් පැනනැගී තිබෙනවා.

ඒ ජගත් කුමාර කඩුවෙල ආසනය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වීම හේතුවෙන්.

මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ කඩුවෙල ආසන සංවිධායකවරිය ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කරනවා.

ජගත් කුමාරගේ පැමිණීමත් සමග ඇයගේ ආසන සංවිධායක ධූරයද ඉදිරියේදී අභියෝගයට ලක්වීමේ අවධානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සමගි ජනබලවේගය පක්ෂය තුළ යම් යම් මදිපුංචිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වුණා.

හරීන් ප්‍රනාන්දු මහතාගෙන් හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද පෞද්ගලික නාලිකාවක හිමිකරුගේ විරෝධය නිසාවෙන් ඇයට ලබානොදීමට පක්ෂ නායකයා කටයුතු කිරීම හේතුවෙන් ඇයගේ පාක්ෂිකයන්ද මේ වන විට දැඩි කළකිරීමෙන් පසුවනවා.

තත්ත්වය මෙසේ තිබියදී ජගත් කුමාර මන්ත්‍රීවරයාද සමගි ජනබලවේගය පක්ෂයට එක්වීමෙන් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ එක් චෝදනාවකින් දුමින්දට නිදහස

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස්...

මාලිමාවේ රැස්වීමකට ගිය පිරිසකට පහර දීලා

මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම පක්ෂයේ ජනාධිපති ධුර...

නව පාසල් වාරය ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්

2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් මේ බව සඳහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...