ඇෆ්ගනිස්තානයේ සහ මියන්මාරයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලු සම්බන්ධයෙන් ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර් සහ යුරෝපා සංගමයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබද ජ්‍යෙෂ්ඨ නියෝජිත ජෝසප් බොරෙල් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බවයි.
ඇෆ්ගනිස්තානය සහ මියන්මාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකගතාවක පිහිටා කටයුතු කිරීමට මෙහිදී සාකච්ඡා වී ඇති බව පැවසේ.
මීට අමතරව වෙළෙද, කාලගුණ විපර්යාස ආදි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව ඇති කරගැනීමට අදාළව මෙම සාකච්ඡාවලදී අවධානය යොමුව ඇත.