30 C
Colombo
Saturday, November 16, 2024

ගඳ ගහන බේරේ වැව සුවඳ කරන්න ජපානය කැමැති වෙයි

- Advertisement -

කොළඹ බේරේ වැව පිරිසිදු කර අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාව පළ කර තිබෙනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ එම සමාගමේ නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු අදාළ සමාගම මෙම එකඟතාව පළකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ව්‍යාපෘතිය ආරම්භ කළ දින සිට මාස 6ක් ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිතයි.

ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු මුදල ඩොලර් මිලියන 3ක් වන අතර එය අදාළ සමාගමේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතයි.

මේ වන විට බේරේ වැව අපවිත්‍ර වී දුඟද හමන තත්ත්වයට පත්ව ඇති බැවින් එය පිරිසිදු කර දෙන ලෙස ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ඇති.

පෙබරවාරි මස මුල් සතිය වන විට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පසුගිය මැයි 09 වනදා ගාලු මෝදර ඇතිවූ සිදුවීමත් සමඟ කොළඹ බේරේ වැව ජාත්‍යන්තරයේද ජනප්‍රියත්වට පත්වූවා.

ඒ ගාලුමෝදර අරගලකරුවන් හට පහරදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුන් පිරිසක් බේරේ වැවට තල්ලු කර ඔවුන්ට එම ස්ථානයේ දිය නෑමට සැලැස්වූ ඡායාරූප හා වීඩියෝ දර්ශන හේතුවෙන්.

RECENT ARTICLES - SINHALA

ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා

දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක ප්‍රථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහිදී කිසිදු අක්‍රමිකතාවයක් සිදුනොවූ...

ආපහු පාර්ලිමේන්තු එන නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතාව නම් කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ...

මහ ඡන්දෙන් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයින් 5 දෙනා මෙන්න

මෙරට ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප වාර්තාවට හිමිකම් කීමට ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වැදුණු අමාත්‍ය විජිත හේරත් සමත් වී තිබෙනවා. ඒ...

POPULAR ARTICLES