26 C
Colombo
Saturday, January 11, 2025

වලසුන් බය කරන ජපානයේ රොබෝ වෘකයා

- Advertisement -

නගරබද ප්‍රදේශවලට වලසුන් ඇතුලු වීම වැළැක්වීම සඳහා බිහිසුණු පෙනුමකින් යුතු රොබෝ වෘකයින් ‍යොදා ගැනීම පිළිබඳ පුවතක් ජපානයෙන් වාර්තා වෙනවා.

බී.බී.සී ලෝක සේවය පවසන්නේ, දිලිසෙන රතු ඇස්වලින් යුතු දත් විළිස්සාගෙන් සිටින මෙම රොබෝ වෘකයාගේ භයංකාර පෙනුම මෙන්ම ඉන් නිකුත් වන නාදයත් වන සතුන් බය කර පළවා හැරීමට සමත්ව ඇති බවයි.   

වන සතුන් ගොවිපළවලින් ඈත් කර තැබීම සඳහා මෙම රොබෝ වෘකයින් යොදා ගැනීමට පළමුව සැලසුම් කර තිබුණත් වර්තමානය වන විට වලසුන් නාගරික ප්‍රදේශවලට ඇතුළු වී මිනිසුන්ට පහර දීම වැළැක්වීම සඳහා ජපාන බලධාරීන් විසින් එය යොදාගන්නා බව වාර්තා වෙනවා.

වලසුන් පළවා හැරීමේ අරමුණින් 2020 වසරේ සරත් සෘතුවේදී ටකිකාවා නගරයේ මෙම රොබෝ මෘගයා පළමුවරට ස්ථාපිත කළ බව එය නිෂ්පාදනය කළ වුල්ෆ් කමෝයිහි (Wolf Kamuy) හි සභාපති වන මොතෝහිරෝ මියසකා මහතා පවසනවා.

එතැන් පටන් ජපානයේ තවත් පළාත් පාලන ආයතන විසින් මෙම යාන්ත්‍රික වෘකයා මිලදී ගැනීමට තවත් ඇණවුම් ලබා දී තිබෙනවා.

ජපානය තුළ වලසුන්ගේ ප්‍රහාර අසාමාන්‍ය සිදුවීමක් නොවුණත් වර්තාමානය වන විට තරුණ වලසුන් බොහෝමයක් ගම්බද ප්‍රදේශවලට පිවිසීමත් ඔවුන් මිනිසුන් කෙරෙහි බියක් නොදැක්වීමත් හේතුවෙන් එය තර්ජනාත්මක ලෙස ඉහළ ගොස් ඇති බව ජපාන බලධාරීන් පවසනවා.

ජපාන තරුණයන්ගේ ජීවන පැවතුම්වල හට ගෙන ඇති වෙනස්කම් නිසා ගම්බද ගොවිබිම්වලින් මිනිසුන් විශාල ලෙස නගරයට සංක්‍රමණය වීම මීට හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ උතුරු කෙළවරේ දරුණු දුඹුරු වලසුන් නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර පසුගිය දශක හය තුළ හොක්කයිඩෝහි වලස් ප්‍රහාර 150 කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙනවා.

එමෙන්ම 2021 වසරේදී වලස් ප්‍රහාරවලින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් ඇති අතර 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES