ජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙලෙස විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව, අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම් දෙනවා.