26 C
Colombo
Friday, October 25, 2024

ජෙරොම්ට තවත් පනතකින් නඩුවක් වැටෙන ලකුණු

- Advertisement -

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත ( ICCPR ) සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එල්ල වී ඇති චෝදනාවට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ස්වයං ප්‍රකාශිත දිවැසිවර දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව නීතිපතිවරයා ඊයේ (15) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාමින්ද වික්‍රම මෙම දැනුම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

බුද්ධාගම, ඉස්ලාම් සහ හින්දු ආගම විවේචනය කරමින් තමන් සිදුකරන ලද ආන්දෝලනාත්මක ඉරිදා දේශනාව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.

පසුගිය මැයි 15 වනදා ජෙරොම් ප්‍රනාන්දු රට හැර ගිය අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...