අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු නොබෙල් සාම ත්‍යාගලාභී ජිමී කාටර් මියගොස් තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 100ක්.
අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගිය ඔක්තොම්බරයේ සිදුකෙරුණා.
ඒ, ඔහුගේ 100 වැනි උපන් දිනය සැමරුමත් සමඟයි.
1924 ඔක්තෝබර් පළමු වැනිදා උපත ලැබූ ජිමී කාටර් වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.