31 C
Colombo
Wednesday, October 16, 2024

යුගදනවි ඇමරිකාවට දීමට ජොන්ස්ටන් කැමතියි (වීඩියෝ)

- Advertisement -

තමන් යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් යථාර්ථයක් කරලීම වෙනුවෙන් දායක වූ රාජ්‍ය හා පෞද්ගලික අංශ විශිෂ්ටයින් ඇගයීමේ “විශිෂ්ටතා ඇගයීම් රාත්‍රිය”ට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මහුනවර, අර්ල්ස් රිජන්සි හෝටලයේදී මෙම උත්සවය පැවති අතර, ග්‍රාමීය මාර්ග, පාලම් ඉදිකිරීම්, පැළ මිලියන දෙකක් සිටුවීම යන ව්‍යාපෘතීන් වෙනුවෙන් දක්වා ඇති දායකත්වය ඇගයීම වෙනුවෙන් මෙම ”විශිෂ්ඨතා ඇගයීම් රාත්‍රිය” පවත්වනු ලැබිණි.

යුගදනවි ගිවිසුමෙන් රට පාවා දෙන බවට, රටේ සම්පත් විකුණන බවට හා එයින් දූෂණයක් වී ඇති බවට නැගෙන චෝදනා තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි ඇමතිවරයා පවසන්නේ.

මේ ගිවිසුම සම්බන්ධයෙන් ගත් කැබිනට් තීරණවලින් රටේ විදුලි බිල අඩු වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ හරහා විදුලි ඒකකයක් මිලදී ගැනීමට වැය වන මුදල සියයට 50 කින් පමණ අඩු වන බවත් පෙන්වා දෙනවා.

විදුලිබිල අඩුවන තීන්දුවකට ඇතැම් දේශපාලනඥයින් විරුද්ධ වන්නේ ඇයිදැයි තමන් නොදන්නා බවත් පීඩිත පන්තිය ගැන කතා කරන අනුර දිසානායක මහතා ද මෙම ගිවිසුමට විරුද්ධවීම සිතාගත නොහැක්කක් බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කේබල් කාර් ව්‍යාපෘතියට බාධාකිරීම වළක්වාලමින් නියෝගයක්

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළක්වාලමින් අභියාචනානාධිකරණය විසින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු...

කෝටි දෙකක මත්පැන් බහාලුමක් රේගු බාරයට

නෙදර්ලන්තයෙන් නීති විරෝධී ආනයනය කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් මත්පැන් බෝතල් 3,585 ක් ගබඩා කර තිබූ බහලුමක් කොළඹ වරායේ සී.අයි.සී.අයි. පර්යන්තයේ අතහැර...

මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

කුඩහකපොල දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද (16) දහවල් 12.30 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා. රියැදුරා විසින් ඉතා අපරීක්ෂාකාරීව හරස් මාර්ගය හරහා ධාවනය...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...