28 C
Colombo
Tuesday, October 22, 2024

ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

- Advertisement -

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේ ස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ජර්මනියේ නිෂ්පාදිත රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට ගෙන්වා ඇති අතර ලියාපදිංචි නොකර අංක තහඩුවක් භාවිතා කරමින් රථය මාර්ගයේ ගමන් කර ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මෙම නියෝගය සිදු කර ඇති බව සඳහන් වනවා.

මේ රථය සර්විස් කිරීම සදහා ගරාජ් අංකයක් භාවිත කරන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවත් මෙතෙක් කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මෙම කාර් රථය මෙරටට ගෙන්වූයේ කව්ද කවදාද භාවිතා කෙරේ කවුද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස නවතා තිබෙන බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් ආරක්ෂකයින් 163ක් ලිඛිතව ඉල්ලලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට නිලධාරින් 163 ක් ලිඛිතව ඉල්ලා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ අනුව...

නෙළුම් කුලුණේ සිදුවීමට අදාළ දැරියගේ දෙමාපියන්ගෙන් ප්‍රකාශයක්

නෙළුම් කුලුණෙන් පැන පසුගියදා සියදිවි හානි කරගත් පාසල් සිසුවියගේ දෙමාපියන් විසින් ඇයගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබද අදහස් දක්වා තිබුණා. නිවේදනයක් නිකුත් කරමින්...

අනුර ගැන විශ්වාසයක් තියෙනවා – කාදිනල් හිමි

නිරහංකාර සරළ ගති ඇති ගැමි පුද්ගලයෙකු වශයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කු ඉදිරි ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කරාවි යැයි විශ්වාස කරන බව...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...