32 C
Colombo
Sunday, November 17, 2024

මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය ; ඝාතකයාගේ මරණ දඩුවම ස්ථීරයි..!

- Advertisement -

මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ පින්තාරුකරුවෙකුට කොළඹ මහාධිකරණය නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ඊයේ ස්ථිර කරන ලදි .

සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන් අතර 2014 වසරේ පෙබරවාරි මස 02වැනිදා බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම, කොල්ලකෑම සහ උල් ආයුධයකින් ඇන , ඇය ඝාතනය කිරීම යන චෝදනා මත අරුලානන්ද ඇන්තනී රැම්සන් ජෝර්ජ් නමැති පින්තාරුකරුවකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේ ජූලි මස 5 වනදා කොළඹ මහාධිකරණය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින්, මරණීය දණ්ඩනය සහ අයුතු ඇතුළුවීම හා කොල්ලකම් යන චෝදනාවලට සිර දඬුවම් නියම කළ අතර එම දඬුවමින් තමන්ව නිදොස් කොට, නිදහස් කරන ලෙස ඉල්ලා පසුව විත්තිකරු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් ප්‍රකාශයට පත් කිරීමේදී නිසි පටිපාටිය අනුගමනය කර ඇතැයි තීන්දු කරමින් විත්තිකරුගේ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය.

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES