25 C
Colombo
Tuesday, January 14, 2025

අගමැති ගමන්ගත් ජෙට්යානය ගැන ප්‍රකාශයක් ලබාගැනීමට මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර කැදවයි

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා තිරුපති වන්දනාවක ගිය පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මෙම පැමිණිල්ල සනාථ කිරීමට අදාළ ලේඛන යනාදිය රැගෙන එළැඹෙන සිකුරාදා පෙරවරු 9 ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන ලෙසට එම කොමිෂමේ දූෂණ විමර්ශන තුන්වන අංශයේ ස්ථානාධිපති ඒ්.එච්.එම්.ජී. අබේසිංහ මහතා දැනුම්දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුමලේ තිරුපති කෝවිලට ගිය පෞද්ගලික සංචාරයත්, ඒ සඳහා ජෙට් යානයක් ‘ත්‍යාග’ විදියට ලබා ගනිමින් අල්ලස් පනත කඩකරමින් අල්ලසක් ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමත් යන කරුණ සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.


RECENT ARTICLES - SINHALA

මහ කන්නයේ වී මිලදි ගැනීම ගැන දැනුම්දීමක්

මහ කන්නයේ වී මිලදි ගැනිමට අවශ්‍ය ගබඩා මේ වනවිට සූදානම් කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , වී...

තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින්...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

POPULAR ARTICLES

මහ කන්නයේ වී මිලදි ගැනීම ගැන දැනුම්දීමක්

මහ කන්නයේ වී මිලදි ගැනිමට අවශ්‍ය ගබඩා මේ වනවිට සූදානම් කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , වී...

තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින්...

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...