පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදීන්ට ලබාදෙන ආහාර සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව ඇති බව වාර්තා වනවා.
ඊයේ දිනයේදී එක් මාධ්‍යවේදියෙකුට ලබාදුන් බත්පතෙහි තිබී ගෝනි නූලක් හමු වී තිබෙනවා. මෙය අඩියක පමණ දිගකින් යුක්ත බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීමත් සමග මාධ්‍යවේදීන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර භෝජන අංශයේ ප්‍රධානීන් වෙත පැමිණිලි කර තිබෙනවා.
පෙරේදා දිනයේදී ලබාදුන් ඇතැම් ආහාර පිළුණු වී තිබූ බවද මාධ්‍යවේදීන් පවසනවා.
එමෙන්ම, ඊට පෙර දිනයේදීත් පාර්ලිමේන්තුවෙන් ලබාදුන් ආහාර විෂවීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දැඩිලෙස ගිලන් වූ අතර පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ මූලික ප්රතිකාරවලින් පසුව ඔවුන් දෙදෙනා නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
අදාල සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.