27 C
Colombo
Wednesday, October 23, 2024

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍රයේ පෙත්සමට අදාළ තීන්දුව හෙට

- Advertisement -

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනු කළ පෙත්සමේ තීන්දුව හෙට (23) දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ, ප්‍රතික්ෂේප කළ නාමයෝජනා පත්‍රය පවතින නීතියට අනුකූලව අදාළ තේරීම් භාර නිලධාරියා විසින් භාර ගත යුතු බවයි.

ඒ අනුව, මෙම කරුණට අදාළ තීන්දුව සහ ඊට හේතු හෙට දින ප්‍රකාශයට පත් කරන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අදාළ පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර තිබෙන අදාළ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි.

එම අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් එය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙතිසම ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටු වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...