31 C
Colombo
Friday, October 18, 2024

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ – ලාල් කාන්ත

- Advertisement -

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

‘දිනමිණ’ වෙත අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා සඳහන් කර ඇත්තේ මහආණ්ඩුව, නගර සභා, ප්‍රාදේශීය සභා මෙන්ම මේවා සමඟ එක්ව වැඩ කළ රාජ්‍ය සේවයද රට පත්ව ඇති ඉරණම කෙරෙහි වගකිව යුතු පාර්ශවයක් බවයි.

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේදී රාජ්‍ය සේවයත් ප්‍රගතිශීලි විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

මෙරට රාජ්‍ය සේවය ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ අංශයක් බවත් නව ආණ්ඩුවක් ආ පමණින්ම ජනතාව අපේක්ෂා කරන ආකරයේ රටක් බිහි නොවන බවත් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පවසා තිබුණා.

”ආණ්ඩු එනවා, යනවා. රාජ්‍ය සේවය පවතිනවා. රාජ්‍ය සේවයත් මේ රටේ ජනතාවගේ අප්‍රසාදයට පත් වුණු එකක්. මේක කුණු වෙලා. හැබැයි රාජ්‍ය සේවයේ හොඳ මිනිස්සුත් ඉන්නවා කිහිප දෙනෙක්. නමුත් පද්ධතියක් ලෙස ගත්තම රාජ්‍ය සේවයත් මේ රට කඩා වැටීමට සම්බන්ධයි. දැන් අපි මේ වෙනස් කරගෙන යන්නෙ ආණ්ඩුව. මෙම නොවැම්බර් 14 අපි ආණ්ඩුවක් හදන්න යන්නෙ. එයින් පසුව ගමේ ආණ්ඩුව ප්‍රාදේශීය සභාව හදනවා. එතනින් පස්සෙ සිද්ධ වෙනවා පළාත් ආණ්ඩුව හදන්න. එතකොට ජනතාව ප්‍රගතිශීලි ජනතාවාදී ආණ්ඩු හදන්න සූදානම්. එහි ආරම්භය නොවැම්බර් 14. හැබැයි අලුත් ආණ්ඩු ආ පමණින්ම එකපාරටම ජනතාව බලාපොරොත්තු වන රට බිහි වන්නෙ නැහැ. රට නිවැරදිව ඉදිරියට යන්න ජනතාවයි, රාජ්‍ය සේවයේ යෙදී සිටින අයයි, බලයට ගෙනෙන ආණ්ඩුයි කටයුතු කළ යුතුයි. එවිට තමයි ජනතාව බලාපොරොත්තු වන සංවර්ධිත රටක් ගොඩනඟන්න පුළුවන් වෙන්නෙ”

RECENT ARTICLES - SINHALA

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින්...

නියමු කුටියේ දොර වැසීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වෙලා

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා සේවයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා. පසුගිය...

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...