32 C
Colombo
Monday, January 20, 2025

විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

- Advertisement -

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගනු ඇතැයි වාර්තා වෙනවා.

ඊට අදාළ ලිපි ලේඛන ඔහු විසින් මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බවද සඳහන්. මේ සමඟම, රජය විසින් ඔහුට එරෙහිව ගෙන ඒමට සූදානම්ව තිබූ දෝෂාභියෝග සැලැස්ම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණ රාජකාරිවලින් ඉවත් වීමට නියමිතයි.

කෙසේවෙතත්, ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්නොවන අතර ජූනි මාසය දක්වා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඉන්පසු විශ්‍රාම ලබා ගනු ඇති.

 වසර 37ක සේවා කාලයක් සපුරා ඇති විනිසුරු බන්ධුල කරුණාරත්න, නියමිත පරිදි විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ මේ වසරේ ජුනි 16 දායි.

මේ අතර, පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව විනිසුරු කරුණාරත්න මහතා, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට දැනටමත් දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා විශ්‍රාම යන තෙක් වැඩ බලන තනතුරක් සඳහා තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

විනිසුරු කරුණාරත්නගෙන් පසු අභියාචනාධිකරණයෙහි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන්නේ විනිසුරු මොහොමඩ් ලෆාර් වන අතර ජනාධිපතිවරයා  ඔහුගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ තිබුනේ නැහැ.

 ඔහු ජුනි 18 වන දින වයස අවුරුදු 63 සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම අභියාචනාධිකරණ  විනිසුරුවරුන් වන්නේ උදය කරලියද්දේ, රත්නප්‍රිය ගුරුසිංහ සහ ධම්මික ගනේපොල යන අයයි.

RECENT ARTICLES - SINHALA

නැගෙනහිර පාසල් ගැන දැනුම්දීමක්

නැගෙනහිර පළාතේ වසා දැමුණු සියලු පාසල් හෙට සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම පළාතේ සියලු පාසල් අද (20) දිනයේදී...

හිටපු සුරාබදු ලොක්කාට එරෙහි පෙත්සමට දින දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු...

ස්වර්ණවාහිනිය යළිත් විකිණීමේ සූදානමක්

0
අලිරාජා සුබාෂ්කරන්ට අයත් ස්වර්ණවාහිනී නාලිකාව යළිත් වරක් විකුණා දැමීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ලයිකා මොබයිල් ව්‍යාපාරයේ හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන් 2014 වසරේදී Lyca...

POPULAR ARTICLES