29.6 C
Colombo
Tuesday, April 15, 2025

කැනඩාවේ ෆෙඩරල් මැතිවරණයෙන් ජස්ටින් ටෲඩෝට ජය

- Advertisement -

කැනඩාවේ ෆෙඩරල් මැතිවරණයෙන් ජස්ටින් ටෲඩෝ ජය ලබා ඇතැයි එරට පුවත් සේවා වාර්තා කර යි.

පාර්ලිමේන්තුවේ බහුතරයක් අපේක්ෂාවෙන් නියමිත කාලයට වසර දෙකකට පෙර මහ මැතිවරණය පැවැත්වීමට කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඉකුත් අගෝස්තු මාසයේ දී තීරණය කළේ ය.

මෙවර මැතිවරණය කැනඩාවේ 44 වැනි මහ මැතිවරණය යි.

කැනඩාවේ පාර්ලිමේන්තුව ආසන 338කින් සමන්විත අතර ඊට සභිකයන් තෝරාගැනීම සඳහා මෙම මහ මැතිවරණය පැවැත්විණි.

කෙසේ නමුත් අපේක්ෂා කළ පරිදි බහුතරය තහවුරු කරගැනීමට කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා අසමත් වී ඇත.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කැනඩාවේ ලිබරල් පක්ෂය නියෝජනය කරන අතර දැනට ප්‍රකාශිත ඡන්ද අනුව අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය ආසන 338න් ආසන 156ක බලය දිනාගැනීමට සමත්ව ඇත.

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය එනම් සැප්තැම්බර් 20, එනම් ඊයේ පැවැත්විණි.

මේ වනවිට ඡන්ද සියයට 80කට ආසන්න ප්‍රමාණයක් ගණනයක් කර ඇතැයි ද කැනේඩියානු මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම් ආසන 170ක බලය තහවුරු කරගත යුතු වේ.

RECENT ARTICLES - SINHALA

පුණ්‍ය කාලයේ තරඟෙට රේස් පැද්ද තරුණයින් පිරිසක් සොයා මෙහෙයුම්

අතිශය ජනාකීර්ණ සහ රථ වාහන බහුල ප්‍රදේශයක් වන කොළඹ - හයිලෙවල් මාර්ගය අවහිර කරමින් මහජනයා අපහසුතාවය පත් කරන අන්දමින් මොටර් රථ තරඟයක් පැවැත්වීම සහ...

කැබ් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට

මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙනුයි...

අමෙරිකාවේ භූ කම්පනයක්

අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබෙනවා. අමෙරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින්...

POPULAR ARTICLES