අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්වුණා.
එසේ ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබූ අතර පොලිසිය පැවසුවේ ඔහු කලකට පෙර පැවිදිව සිටි අයෙක් බවයි.
කෙසේ වෙතත් නයන වාසුලගේ දේහය අධිකරණ නියෝගයක් පරිදි ගායන ශිල්පිනී කේ. සුජීවාට භාර දී තිබෙනවා.
මෙම වෙඩි තැබිමෙන් තුවාල ලැබු කේ. සුජීවා කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිසා ඇගේ දියණියන් දෙදෙනා විසින් දේහය භාරගෙන තිබෙන බවට වාර්තා වනවා.
නයන වාසුල සහ කේ. සුජීවා 2021 වසරේ විවාහා වී තිබෙන බවට පැවසෙනවා.