25 C
Colombo
Monday, March 17, 2025

තලේබාන්වරු කාබුල් සරසවිය වසා දමා එය කාන්තාවනට තහනම් කලාපයක් කරති

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් එරට ප්‍රධානතම රාජ්‍ය විශ්ව විද්‍යාලය වන කාබුල් විශ්ව විද්‍යාලය වසා දමා එය කාන්තාවන්ට තහනම් කලාපයක් බවට පත්කර ඇතැයි වාර්තා වේ.

පසුගිය බදාද පස්වරුවේ හදිසියේම විශ්ව විද්‍යාලය වසා දැමූ තලේබාන් බලධාරීන් එහි සිටි පිරිමි සහ කාන්තා සියලුම සිසුන් ආපසු යවා ඇති අතර පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයන් සුලු පිරිසකට පමණක් එහි රැදී සිටීමට අවසර දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියලුම කාන්තා ආචාර්යවරියන්, කාර්ය මණ්ඩල සාමාජිකාවන් සහ ශිෂ්‍යාවන් වෙත කාබුල් විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත්කිරීමට තලේබාන් පාලනය හදිසියේම තීරණය කළ බවයි.

ශිෂයාවන්ට සාමකාමී වාතාවරණයක් යටතේ ඉගෙනීමට හැකිවන පරිදි පුලුල් සහ විධිමත් වැඩපිළිවෙලක් සකස් කරමින් ඇති බවත් එය අවසන් වූ පසු ඔවුන්ට යළි අධ්‍යාපන කටයුතු ඇරඹිය හැකි බවත් තලේබාන් රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක බිලාල් කරීමි සදහන් කර තිබේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු ඇතැම් පෞද්ගලික විශ්ව විද්‍යාල එකම දේශන ශාලා තුළ කොටස් වෙන් කර කාන්තාවන් සහ පිරිමින් වෙත වෙන් වෙන්ව අධ්‍යාපනය ලබාදීමට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත්, තලේබාන් පාලනයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා දිගින් දිගටම අවධාරණය කරන්නේ කාන්තා සහ පිරිමි සිසුන්ට එකට අධ්‍යාපනය ලැබීමට ඉඩදිය නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

කලහකාරීව හැසිරුණූ එකම පවුලේ 5ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන්...

Breaking : දේශබන්දුගෙන් උසාවියට ජිල්මාට් එකක්

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ...

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එනවා – අසේල සම්පත්

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී  කොළඹ මහ නගර සභාවට තරඟ කිරීම සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමිගේ නායකත්වයෙන් යුතු ජන...

POPULAR ARTICLES