ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කඩුවෙල නාගරික මන්ත්රී සමන් කුමාර පුද්ගලයෙකුට පහරදී තිබෙනවා.
මෙම පහරදීම සිදුව තිබුණේ කඩුවෙල කොරතොට ග්රාම සංවර්ධන සමිතියේ රැස්වීමක් අතරතුරයි.
කඩුවෙල කොරතොට ග්රාම සංවර්ධන සමිතියේ රැස්වීම ඊයේ (01) පවත්වා තිබෙන අතර නාගරික මන්ත්රීවරයාත් ඊට සහභාගී වී තිබෙනවා.
එහිදී හිටපු නාගරික මන්ත්රීවරයා විසින් සමිතියේ සාමාජිකයෙකුට පහරදී තිබුණා.
පොලිසිය පැවසුවේ සංවර්ධන සමිතියේ අයවැය ප්රකාශකරන විට ”හොරා” යැයි පැවසීම අදාළ ගැටුමට හේතු වී ඇති බවයි.