26.4 C
Colombo
Wednesday, November 27, 2024

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

- Advertisement -

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර තිබෙනවා.

ඒ අනුව කලාවැවේ පවතින තත්වය අනුව අද (27) පස්වරු 2.00 පමණ වනවිට කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි18බැගින් විවෘත කිරිමට කටයුතු කරනු ලැබූ අතර ඒ තත්පරයට ඝණ අඩි 16822ක ජලධාරිතාවයක් කලාවැවෙන් කලාඔයට මුදා හැරෙන බවයි වාර්තා වෙන්නේ.

මේ වනවිට කලාවැවේ සමස්ත ජලධාරිතාවය අක්කර අඩි අනූ දහස් හයසියය ඉක්මවා (90606ක්) ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.

පවතින වැසි තත්වයත් සමඟ අද (27) පස්වරුව වනවිටත් දඹුළු ඔය ඇතුළු ජලමූලාශ්‍ර ඔස්සේ තත්පරයට ඝණ අඩි 18282ක ජල ධාරිතාවයක් කලාවැවට එක්වෙමින් පවතින බවද සඳහන්.

කලාවැව හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලාවැව අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය අසලින් හා ගල්නෑව හිරිපිටියාගම මාර්ගය හඳුන්ගමුව ප්‍රෙද්ශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගවල ගමනා ගමන කටයුතුවලට ද බාධා පැමිණ තිබෙනවා.

ඒ වෙනුවෙන් විකල්ප මාර්ග මාර්ග භාවිතා කරන ලෙසද පොලිසිය රියදුරන්ට දන්වා සිටින අතර පවතින වැසි තත්වය අනුව කලාවැව හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බවටද කලාවැව ජලාශ භාර ඉංජිනේරුවරු පවසනවා.

කලාඔය දෙපස පදිංචිකරුවන් හා දෛනික කටයුතු සදහා කලාඔය කරන්නන් ඇතුලු පිරිස් මෙම තත්වය සැලකිල්ලට ගෙන මිනිස් ජීවිත හා දේපල වලට සිදුවිය හැකි ආපදා හා අනතුරු අවම කර ගන්නා ලෙසත්, කලාඔය ආශ්‍රිතව රඳවා සිටින ගෘහාශ්‍රිත සතුන් වෙත්නම් එම සතුන් ද කලාඔය ආශ්‍රිත අවදානම් ස්ථානවලින් ඉවත් කර ගනිමින් එම සතුන්ට සිදුවිය හැකි ආපදා තත්වයන් ද වලක්වා ගන්නා ලෙසත් කලාවැව ජලාශ කාර්යාලය හා අනුරාධපුර ආපදා කලමණාකරණ ඒකකය කලාඔය දෙපස පදිංචිකරුවන්ට වැඩිදුරටත් දන්වා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

සහල් තොගයක් විනාශ කරන්න නියෝග‍යක්

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල  හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ "අමුල්" වර්ගයේ ආනයනික...

POPULAR ARTICLES